Friday 3 February 2017

                  සත්‍යය ජීවිතය සිහිනයකින් නිමාකල
                  මවක්!!!
කුසගිනි උහුලා
සිහින මවාලා
අඩක් පන නැති
පාද තබමින්
දහස් පැතුමන්
දරාගෙන සිත
දහස් සැතපුම්
ගෙවා ඇවිදින්
සිහින අතතින්
හිස් අතින් යන
දෑත් පුරවා
ඇඟිළි මිටිකර
දැස් පුරවා
කඳුලු කිරි කර
පෙවූ ඒ හද
නිමා වී ලොව
දුකක් නොදැනූ
තැනක් නැත මට...අම්මේ

No comments:

Post a Comment