Wednesday 8 February 2017

වසර 2500ක ඉතිහාසය අං ලාඩම් සංගමය විසින් කනපිට හරවා අලුත් පිටපතකින් සැකසූ ගීත නාටකයක් ඔවුන් ලියා රඟති.
පිටපත;මයිත්‍රි ලාඩම්,රනිල් ලාඩම්
රඟපෑම්;රඟමඬලේ හරක්
                    ඉතිහාසයෙ ලියැවුනු උන්
                    අං ලඩන් දාගෙන දැන්
                    හරක් වෙසින් රඟමඬලේ
                    බයිල හදා විකුනන්නේ
අනේ... අපි නොවෙයි..අපි නොවෙයි...
                    මිනිසා හට දුන්නු කෑම
                    පිදුරු කියා කෑවේ උන්
                    හොඳම කෑම රටේ තියෙන
                    අපි කන්නේ විෂ කියලා
                    අපිට දුන්නෙ පිදුරු තමයි
අනේ.. අපි නොවෙයි.. අපි නොවෙයි.
                    ලාඩන් පිට ඇවිත් හොටෙල්
                    මල් රොන් බී පිපාසෙට
                    පස්ස දොරින් එලියට යයි
                    ලාඩන් ටික අමතක කොට
                    කොන්සියුලර් හරකෙක් විත්
                    ඒ ලාඩන් අහුලා ගෙන
                    ගියේ නැතෑ රඟමඬලට
අනේ...අපි නොවෙයි..අපි නොවෙයි..
                    රටේ ජනය මිරිකාලා
                    උන්ගේ දහදිය බීලා
                    කුඹුරේ මඩ වගුරු ගොඩේ
                    ලැග්ගා උන් වාගේමා
                    සුපිරි යහන් වල නිදලා
                    පිදුරු ගොඩේ උන්නා සේ
                    කියයි අපිට රස කරකර
අනේ... අපි නොවෙයි..අපි නොවෙයි..
                   අන් තට්ටුව ගලවාලා
                   බාල් නටති ජන මුදලින්
                   පසුව දාට රඟමඬලේ
                   එහෙම වුනත් උන් කියන්නෙ
                   අපි හිටියේ පිදුරු ගොඩේ
අනේ..අපි නොවෙයි..අපි නොවෙයි..
                   අං ලාඩන් ගලවාගත්
                   ආවො ඉතිං ඒරොප්පෙන්
                   රටේ ප්‍රස්න විසඳා මිස
                   ආයෙ ඉතිං යන්නෙ නැතෝ
                    ඔන්න ඉතිං ඒරොපයෙන්
                   ආපු උනුත් පිදුරු ගොඩේ
අනේ...අපි නොවෙයි..අපි නොවෙයි..
                   අවසානෙට කාපු පිදුරු
                   ලෝඩ් වුනේ රට බැංකුවෙ
                   ඔන්න ඉතිං කියපල්ලා
                   රටේ ආර්ථිකේ මලා
                   වැටයෙන් දුන්නේ කැරකිල
                   දුප්පතාගේ බඩේ පහර
                   ඒ හරකුත් මේ හරකුත්
                   කෑවේ නම් එකම් කෑම
අනේ... අපි නොවෙයි..අපි නොවෙයි..
                  දෙදහස් පන්සීය වරක්
                  වූවා අපෙ මුතු ඇටයට
                  ඒකත් උකසට තියලා
                  මේ හරකුන් බාල් නටති
                  ජනතාවත් ගොම කාලා
                  කියන්නෙන නම් බත් කෑවෝ
                  ලැජ්ජා නැති හරක් ගොඩක්
                  රඟමඬලට එකතුවෙලා
                  බායි කියා යන්න හදයි
                  අං ලාඩම් ගලවාලා
අනේ..අපි නොවෙයි...අපි නොවෙයි...
                  ආවො තවත් රට හරකුන්
                  කන්න හදති රට වටේම
                  ගොයම් පැලත්
                  එන්නේ නම් සුදු පැහැයෙන්
                  ඇඟ වටකර හරි පෙනුමට
                  යන්නෙ ඉතිං හාදු ටිකයි
                  බායි ටිකයි දීල තමා
අනේ... අපි නොවෙයි...අපි නොවෙයි...
                 දූෂණ භීෂණ තර්ජන
                 මැරකම හොරකම විතරද
                 කුඩු ගණිකා රැකියා ලෙස
                 කරගෙන යන්නට අවසර
                 දුන්නේ කවුරුන්ද බොලව්
අනේ..අපි තමා..අපි තමා...
                 බාල වයස් ගබ්සාවට
                 ලක්කරලා කරන්නෙ මුන්
                 උන්ට තියෙන අසහනයට
                 අත දරුවන් බිල්ලට ගෙන
                 තවත් නටන නාඩගමට
                 ජනතාවත් හෝයියා...
                 ඇස් ඇරුනත් නෑරුන සේ
                 ඔහේ දෙයක් වෙන තාලෙට
                 විද්වතුනුත් බයිල පොලේ
                 හරකුන් සේ පිදුරු ගොඩේ
                 නවතපියව් ඔය කරනා
                 බලු සෙල්ලම තවත් එහා..
අනේ...අපි තමා..අපි තමා...අපි තමා..
කියාපල්ලා මේ ගීත නාටකය බලන්න නාපු එවුන්ගෙ ටැක්ස් දෙගුන තෙගුන කරනවා කියා.
                    අනේ... අපි නොවෙයි..අපි නොවෙයි..


                 

No comments:

Post a Comment