Sunday 15 January 2017


                      සිතට භිය නැති මිනිස්සු
සුභ නැකතක උපන්,සියලු ග්‍රහ අපල සහ බාදක බිඳගෙන අභිබවා යෑමටත් හරිම දක්ෂයි,සූක්ෂම වැඩ කරයි,කඩිසරයි,නිදහසේ තම වැඩ කටයුතු සංවිධාන කර ගැනීම,ආරක්ෂාකාරී වීම,පරිස්සම,තම වැඩ වලට බාදක සියල්ල මැඩ ගැනීම,ඇසට පෙනෙන දේ ඉක්මනින් ග්‍රහණය කොට ගෙන ඒ පිළිබඳව අධ්‍යයනයක් ලබාගැනීමත් ය.
                       කලබලකාරී නැති චාම් පරිසරයක ජීවත්වීමට කැමති,එම පරිසරය තුල ඉතා හොඳින් වැඩසටහන් දියත් කිරීමට සුදුසු වෙලාවක් තෝරා ගැනීම.
                       සතුටින් තම බුද්ධිය වෙහෙසවා පර්යේෂණ වලට සූදානම් වීම.ඒවාට ආම්පන්න සුදුසු ඒවා මොනවාදැයි කියා සූදානම් කරගැනීම ,ගමේ හෝ නගරයේ රටේ හෝ ලෝකයේ හෝ හොඳ නමක් දිනාගැනීම කාලයට හොරා සිදුවේ.
                        ඕනෑම පුංචි හිඩැසකින් රිංගන්නත්,ඔනෑම කටු පඳුරකින් තම සිරුරට  සීරීම් පාරක්වත් නැතිව රිංගා යන්නත්,ඉලක්කය අධිෂ්ඨානය ප්‍රතිඵල තම පවුලට අත් කර දෙන්න හැකියාව ලැබේ.
                          තම දරුවන්ද ඒ පර්යේෂණ නිරායාසයෙන්ම හුරු පුරුදු වෙති.කිසි කෙනෙක් නොදනී.පවුලට හොඳ නමක් තබන්න ත් තීක්ෂන බුද්ධිය තත්පරයක්වත් අපතේ නොයවා තම පවුලට පහනක් සේ බැබලේ.
                          තම දරුවන් ද සමාජයේ පහන් සේ දැල්වෙන්න ටිකෙන් ටික මග පාදා ගනිති.කිසිවෙක් නොදනී.දැල්වෙන පහන් කවුරු හෝ නිවා දමන්න පෙර ඔවුන් යන මාර්ගය වෙනත් අතකට යොමු කිරීමට ද තම බිරිඳ උත්සහ ගන්නීය.භිය මොහොතින් මොහොත දෙගුණ තෙගුණ වීමට පටන් ගනී.මේ දැල්වෙන පහන් වලට ඊර්ෂ්‍යා කරනු ඇතැයි ද,පර්යේෂණ වල බයානක කම ද ඔවුන්  දනිති.
                          එමෙන්ම සමාජය තුල ටිකෙන් ටික ඊර්ෂ‍යාව දලු ලන්න පටන් ගනී.එසේම මෙම පර්යේෂකයෝද සමාජය දිහා විපරමින්,සැකෙන්  කාලය සමග කටයුතු ඉදිරියට ගෙනයෑමට  වේගවත් ක්‍රම අනුගමනය කරමින් සිටිති.අප කා තුලත් ඊර්ෂ්‍යාව මතුවීම සහ ඊර්ෂ්‍යාව සීමාවක් නැති අප ලෙඩ්ඩු බවට පත්වෙමු.මින් ඉදිරියට ඊර්ෂ්‍යාව නොකරමු.මූලික වැරැද්ද ලෙස,මිනිසාට පවතින සමාජය තුල සමාජය පිළිබඳව පිරිසිඳු අධ්‍යනයක් ලබා ගැනීම ට මිනිසාගේ අකටයුතුකම් හේතු නිසා බාදාවක් වී ඇත.ආර්ථිකය කොල්ල කන,හොරු සහ මැරයන් බිහි කරන,සමාජයට පහරදී තුන්ඩු සොරාගෙන පාරාදීසයට රිංගාගත් ලුසිපර්ලා මේ අසරණ යින්ව රූකඩ මෙන් නටවති.
                        කුමටද මේ ඊර්ෂ්‍යාව හට ගන්නේ සමාජ තුල?..භියක් ඇතිවී තිබෙනවා ඇත්ත පැවසීමට .ලුසිපර්ලාගේ ආරක්ෂාව යටතේ මේ සෑම දෙයක්ම මුවහත් කරගෙන,පර්යේෂකයො භියෙන් තොරව ඉදිරියට යති.
                         කවුදැයි මේ පර්යේෂකයෝ ..විටෙක වෙළෙන්දො,විටෙක ඔත්තු සොයන්නො,විටෙක දඩයම් කරුවො,විටෙක සමාජ දූෂිතයො,විටෙක මංකොල්ල කරුවො,විටෙක මිනිමරුවො වෙති,විටෙක කූට ව්‍යාපාරිකයො,මොවුන් හිඟන්නො වෙසින් සමාජයට එකතු වන්නෝය.මොවුන්ගේ පැමිණීම සමාජයට ඉතාම භයානකයි.විටෙක බෝම්බ පත්තු කිරීම්,විටෙක අසභ්‍ය දේ විකුණීම ටද,විටෙක පැහැරගැනීම් අතුරුදහන් කිරීම් පවා සිදු කරති.මේ සියලු විපර්යාසයන් සිදුකර අසරණ වීමෙන් පසු මොවුන් ලුසිපර්ලාට ශාප කරමින් නැවත සමාජටයට අසරණයින් ලෙස හේත්තු වීමට උනන්දු වෙති.''ඔබට හැකිනම් සිතට විරුද්ධව සමාව දෙන්න ''ඔබට හැකිනම් සිතට එකඟව දඬුවම් දෙන්න''මොවුන් යාචකයින් ලෙසද අතපය කොරවූ අය ලෙසද අන්ධයින් ලෙසද මානසික ලෙඩ්ඩු ලෙසද අවංක හදවතින්ම දෙපා ලඟ දණ වැටී සමාජයෙන් සමාව ගැන්මට පසුපස පිස්සන් මෙන් ඒ මේ අත යති.
                         මොකද මේ පර්යේෂකයින් කෙරෙහි සමාජය තුල ඊර්ෂ්‍යාව මතු වූයේ.එවැනි දුෂ්ඨ මිනිසුන්ට (පර්යේෂකයෝ ) අප කවුරුත් ඊර්ෂ්‍යාව දක්වන්නේ නැති බවත් ඔවුනට  සමාජය විරුද්ධ බව නම් දැන සිටිමු.ඔවුන් කෙරෙහි තිබූ භිය නිසා මිනිසා ඊර්ෂ්‍යාව ට සැඟවී මතු කර පෙන්වා දෙනු ඇත්තේ පර්යේෂකයින්ට 'විරුද්ධතාව' බවට නම් සැබෑය.
                           කාලය මේ සෑම දෙයක්ම විනිශ්චය සඳහා සමාජයට භාර දෙයි.සිතමු ගසක අතු කපා හැරියොත් කවදා හෝ දලු ලියලන බව.මෙය වැලැක්විය නොහැක.එසේ නම් ඔබට භාරයි ගස ගැන විනිශ්චයක් කරන්න.ඔබේ විනිශ්චයේදී තීරණය කරන්නෙපා ගස මුල් පිටින් කපා උදුරා දමන්න.
                             දැන් අපි සිතට භිය ඇති සමාජය වෙත යොමුවී බලමු.කව්ද මේ අය?සිතමු නාට්‍ය සාලාවක නරඹන්නෝ කියා.ඔබගේ ශ්‍රවණ වලටත් ඔබගේ ඇස් පනාපිට වේදිකාවේ කුමක් හෝ සිදුවෙනවා.පවුල් පිටින් ඇවිත් නාට්‍ය නරඹනවා අපට පෙනේ.නාට්‍ය අවසානයත් සමග වේදිකාවට පැමිණියා කවුරුදෝ පුද්ගලයෙක් අපි සිතමු අර්ථවත් නාට්‍යක් නැරඹුවාය කලෙකට පසු.වේදිකාවට පැමිණි අය කවුරුන්ද යන්න කාටත් අමුත්තක් දැනෙන්න ට ඇති.ඒ පුද්ගලයා ඔබ දුටු නාට්‍ය ගැන  විස්තර කරමින් තවත් නාට්‍යක් රඟන්නයි ඔහුගේ බලාපොරොත්තුව.මේ අතර මෙතුමා ඔබ කාගේ හෝ දරුවෙකුට ආරාධනා කරයි වේදිකාවට එන ලෙස..ඔබගෙ දරුවෙක්ව වේදිකාවට යවනාවද නැද්ද?..එහෙමත් නැත් නම් දරුවන්ගෙන් කෙනෙක් හෝ කැමති නැත් ද?අප කල්පනා කරමු,නාට්‍ය ගැන විචාරයක් ළමා මනසට දැනුන ආකාරය දැන ගැනීම පිණිසදැයි කියා..ඇත්තටම නාට්‍යයෙන් ළමයාට දැනුන පණිවුඩය කුමක්ද යන්න දැන ගැනීමට ආසාවෙන් සිටින මෙම දේශකයා ආරාධනා කරන බව වැටහේ.කෙසේ හෝ ඔබ තුලත් දරුවන් තුලත් භියක් ඇතිවන්න ඇති.මේ අවස්ථාවේ භියක් ඇතිකර ගත නොයුතුය.මන්ද යත් අප කාටත් පේනවා නාට්‍ය ශාලාවේ විශාල පිරිසක් සිටින බව.නාට්‍යකරුවන්ගෙන් හිරිහැරයක් හෝ තර්ජනයක් හෝ බලපෑම් කිරීමක් හෝ සිදුවන්නේ නැත.වේදිකාව මත සිටින්නේත් ශාලාවේ රැඳී සිටින්නෙත් සිතට විරුද්ධව වැඩකටයුතු කරන අය නොවන බවට තීරනය කරමු.ඉතින් ඔබගෙ දරුවාව භියක් නැතුව වේදිකාවට යවන්න පුලුවන්....
දේශකයා පවසනවා මේ මොහොතේ තීරණ ගැනීමට පෙර අප කවුරුත් සිතට භිය විය යුතුය යන්නෙන්..කාරණාව පිළිබඳව සාධාරණව අවබෝදයක් ලැබ කීප වතාවක් සිතා බලා තීරණ ය කරන්නැයි හොඳ ද නරක ද හරි ද වැරදි ද කියා.මේ තුලින් යහපත් වැඩකටයුතු කෙරෙහි සිත් භිය නැති කරගත්  වූවෝ වන්නෙමු.
                           යොමු වෙමු වේදිකාවේ කුමක් සිදුවෙනවාද බලන්න.මේ අවස්ථවාවේ දේශකයා සහ පිරිමි දරුවෙක් වේදිකාව මත ...බලමු මේ සිදුවීම.දේශකයා දරුවාගෙ හිසට අත තබාගෙන ප්‍රේක්ෂක ඔබ දෙස බලා දරුවගෙ නම ගම පංතිය වයස යනාදිය අසමින්.....දරුවාගෙන් අසයි  ඔබ දැක්ක නාට්‍යයක්  මේ වේදිකාවෙ,කුමක් ද හිතුනෙ කුමක් ද හිතන්නෙ ,කුමක් ද මනසට කා වැදුනෙ යනාදි ප්‍රශ්ණ කීපයක්.අපි හිතමු දරුවගෙ වයස අවුරුදු හතක් ලෙස..ළමයගෙ  පිළිතුරු සාධාරණ විදියට ලබා දී ඇත.දේශකයා සෑහීමට පත්වේ,ප්‍රේක්ෂකයින්ද ඉතා සතුටින්,සමහරු සතුටු කඳුලින් නරඹමින් සිටින්නෝය.සිතන්න ඔබගෙ දරුවාය  මේ වෙදිකාවෙ සිටින්නේ..ළමයා වෙදිකාවට පැමිණියෙ භියක් ඇතිවයි.මේ වන විට ළමයාගෙ සාධාරණ භිය පහව ඇත.සතුටුයි .භිය නැති දරුවෙක් ලෙස ඔබත් දකින්න ඇති.
දේශකයා තවත් පිටුවක් දිග හරින්නයි...අතින් ලියූ කොල ටිකක් එකිනෙකා අත යවයි.ඔබලා කැමති ද පලවෙනි පිටුවෙ 8වන ඡේදය කියවන්න.කියවා නැවතත් වේදිකාව වෙත යොමුවන්න.මේ දේශකයා ඔබගෙ මනස වෙනත් තැනකට ගෙනියන්න බලා සිටිනවා..දැන් ඔබගෙ සිතට කතාකරන්න .අසන ගමන් සිතන්න සිතා සිතින් ප්‍රශ්ණ කරන්න.ගැටලු නිරාකරනය කරගෙනම  අවබෝදයක් සමග පිටවීමට අවසර ඇත.
                           ඇත්තටම නාට්‍යක් නරඹනවාමයි සිතා ගන්න.දේශකයා මේ දරුවාගෙන් ඉල්ලා සීටිනවා අසුන්ගෙන සිටින සියල්ලවම මොහොතකට අමතක කරන්නයි කියා..මේ හේතුවෙන් දරුවාගෙ දෙමව්පිය ඇතුලු සැම එක හුස්මට හිත් කලබලයක් කර ගනිති....බලමු මොකද වෙන්නෙ කියල.
                             දේශකයා පවසනවා ඔබ සියලු දෙනාම මොහොතකට කලින් 8 වන ඡේදය කියවන ගමන් මා දරුවාගෙන් අසා සිටියා ..ඉගෙන ගෙන ලොකු මහත් වුනාම මොන වාගෙ කෙනෙක් වෙන්න කැමතිද කියා.ළමයාගෙ පිළිතුර,මම ඉංජිනේරුවෙක් වෙනවා.කාටද සතුටු .ඒ එක්කම නැවතත් ප්‍රේක්ෂකයාගේ දෑස් වලින් සතුටු කඳුලු මතුවන්න ට විය.දරුවා අනාගතය ගැන හොඳ ඉලක්කයක් තබා සිටින බව අප කාටත් දැනුනි.මෙතැන් පටන් දේශකයාගෙ උණුසුම් කතාව අසා බලමු.අපි දන්නවා..ලෝකය ම ඩිජිටල් වාදීන්ගෙ තෝතැන්නක් වෙලා වගේම ඔබගෙ දරුවාව ඒ දියුනු වාදීන්ගෙ සංගමයට හුරු කොට මොළයේ ස්නායු අඩපන වෙනවා දකින්න එකඟ වූ ගිවිසුමකට අත්සන් තබන්න..සුන්දර මනසට නිදහසේ ඉන්න  ඉඩ හරින්න කාටත් වුවමනාවක් නැති ගාන කසු කුසු වලින් දේශකයා ට වැටහේ.මොළයේ අප්‍රාණික ස්නායු පන ගන්වන සිරිංග භාවිත ඩිජිටල් ක්‍රමයට නිෂ්පාදිත ජෙල් එකක් වැඩි කල් යන්න මත්තෙන් වෙළඳ පොළේ දකින්න වාසනාව ලැබේ.
සෙල්ලම ඉගෙනීම වැඩිවියට පත් දරුවා ට දෙන්න නිදහස ජීවිතයේ අවශ්‍යතා මොනවාදැයි තෝරා පරිහරනය සඳහා.නැති නම් ඔබ දරුවාව සිතට භිය නැති අයෙක් හෝ සමාජයට සාධාරණ විප්ලව කාරයෙක් ලෙස විසිකර බලා සිටීද,වැඩිහිටි ඔබෙන් එසේ වුවහොත් අර ලුසිපර්ලාගෙ කණ්ඩායමට බැඳෙන්න දරුවාගේ මනස මේරෙන්න ඉඩ කඩ තරමකින් හෝ ඇත.
                      ඉතිං මේ නාට්‍ය බලන්න ඇවිත් සමහරු යමක් දැන සිටිති සමහරු දරුවන් ගැන තව තවත් භිය උපදවා ගත්තෝ ය අයෙක් ප්‍රශ්ණ කරයි..දියුනු තාක්ෂණ ලෝකෙ කාටද නිදහසක් නැත්තේ ඒ භාණඩ පරිහරනයට?දරුවන් වයසට ගිය කලද දියුනු ලෝකය දිහා ඇස් හරින්නේ?අද මේ භාණ්ඩ අත්‍යවශ්‍යතා බව වටහා ගත් මුත් වැඩිහිටි ඔබගේ තීරණයක් මිස මගේ අදහසක් පමණි දේශකයා දිගහැර ඇත්තේ...මෙතන දී අප කවුරුත් අතරමං වන තැනකට හේතු දැක්වූ පරිදි වැඩි දුරටත් සිතන්න  වෙනවා.නැවත ඔහු ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා පලමු වන පිටුවෙ 1,2,3,4,5,6,ඡේදයන් කියවා තම සිත් තුලින් ගලා එන අදහස් සටහන් කොට පරීක්ෂාවට ලක් කරමින් මනස අවදිකර ගන්නා ලෙස.
                         විවිධ මත දරන අප කාගෙත් ප්‍රස්ණ,තර්ක,පිළිතුරු මේ සියල්ල හොඳින් ධාරනය කොට සවන් දෙමින් වේදිකාව මත සිටින දරුවා දවසේ පැය ගානක් ඇතුලත,අවබෝදයක් ලබාගෙන තිබේ.මේ අවස්තාවේ ළමයා ට වාසනාව ලැබෙනවා සියල්ලන් ඉදිරියේ පුංචි කතාවක් කිරීමට.දේශකයා ළමයාට කියයි මොනා හරි දෙයක් ඔය ඉන්න අයට කියන්න කියා..ළමයා කතාවක් කියයි...සියලු දෙනාට ගරු කොට,මට මේවා හරියට තේරෙන්නෙ නැහැ.හරිම ගැඹුරුයි.මම තවම පුංචි ළමයෙක්,කෙසේ නමුත් අද දවසෙ බොහෝ දේවල් මට ඇසුනා ,හොඳින් සවන් දුන්නා,එහෙයින් බොහෝ දේ ඉගෙන ගන්නත් ලැබුනා.මගේ ප්‍රශ්ණය මෙයයි,'සිතට භිය නැති කෙනෙක් ඇත්නම්  මගේ මේ පුංචි කම්මුලට ඇඟිලි පහම හිටින්න පහරක් දෙන ලෙස.
මොනවද ඔබ හිතන්නේ?මොකක්ද කල යුත්තේ?ඔබේ පිළිතුර කුමක් දැයි දේශකයා ඔබ සැමගෙන් අසයි.මේ පුංචි කම්මුලට පහරක් දෙන්න හිතේද?පහරක් දෙන්න හිතුනට වේදිකාව නගින්න ලැජ්ජද?අන් අය ඉදිරියේ ලැජ්ජාවට පත්වේ යයි සිතා පහර දීම මගහරින වාද?අප කවුරුත් අපහසුතාවට ලක් වුන තැනක්.සියල්ලන්ට හීන් දාඩිය ගලාගෙන අවස්තාවක්.දේශකයා පවසයි...ඔබලාට මතකද පලමු පිටුවේ 1,2,3,4ඡේදයන්//පර්යේෂකයාගෙ ආරම්භය,සැලසුම.මේ දරුවා වගේම එහෙත් වයසින් අඩු අයත් දුර්ලභ ප්‍රස්ණ ඇසීමට පුලුවන්.දැන් වැඩිහිටි ඔබගේ අවදිය සහ සාමාන්‍ය දැනීමක් ලෝකෙ ජීවත් වීමට අවශ්‍යය බව දැනගත යුතු නොවෙද?දේශකයා පෙන්වා දෙනවා,මේ සෑම දරුවෙක්ම දාර්ශනිකයො වෙති මේ සිත් සියල්ලකම පාහේ සමාජයෙ යහපත් වැඩ කෙරෙහි යොමු කරමු,යොමු කල හැකිවේ.දාර්ශනිකයො බිහිවීමත් සමග අප නිතර කතා කරන ලුසිපර්ලා බිහි නොකිරීමට ඉඩක් නොතැබීම වැඩිහිටි අප කාගෙත් වගකීමක් නොවෙද?...දේශකයාගෙ බලවත් ඉල්ලීම පිළිපදින්න සූදානම් ද?ශාලාවෙන් පිටවූ පසු දත් සියල්ල අමතක කරනවාද?නැති නම් සියල්ල අමතක දමා වෙනත් රටකට  පදිංචියට යනවද?ඔබ කොතැනක සිටියත් වගකීම දරුවනට දැනෙන්න හරින්න සිදුවෙනවා.
දේශකයා  තවදුරත් මෙසේ විග්‍රහා කරමින්..පාසල ළමයාගෙ අරමුණු රැස් කරන තැනක්.ඔබ සොයා බැලිය යුතුයි ඒ අරමුණු මොනවාද යන්න.ළමයා ඉගෙන ගන්න අදක්ෂයි කියා සමාජය ඉදිරියෙ කොං නොකර,ළමයා අදකෂයි කියා ඔහුගේ ගානෙ ඉන්න නොහැර,ළමයා අදක්ෂයි කියා දඩුවම් නොකර ,උඹ හිඟා කෑවත් දාමරික වැඩ කරන්න එපා කියන්නත්,එපා හේතුව ඔබේ වැරැද්ද ඇයි ළමයාව හිඟාකන්න යවන්නෙ .වැඩිහිටි කාගෙත් සෙනෙහස දැඩිව අවශ්‍යයි.
.......පවුල්වල ආර්ථිකය ඉතාම දුර්වල කම හේතුවෙන් ළමයින්ගෙ අධ්‍යාපනය ඇනහිටී ....එසේ නම් ඔබ හිඟමනේ ගොස් දරුවාගෙ මනස හදන්න දත් මිටිකා වෙහෙසෙනවද.හිඟමනේ යන බව දරුවට දකින්න අවස්තා ලැබේ.ළමයින්ගෙ හිත් මල් පැලයක් සාත්තු කරන්නා සේමත්,නමුත් මලක් සේ රකින්නෙපා දේශකය පවසන්නෙ කටු පඳුරක් සේ රකින්න හැකිනම් මිනිසාගෙ දුක් ගැහැට කම සහ දවසේ සාධාරන ලෙස පන ගැටගහගන්න ගන්නා වෙහෙස දරුවන්ට දකින්න ඉඩ හරින්න ....නාට්‍යා ශාලාව හිස්..පාලුවට මැදිවී හිතන්න පටන් ගනී.......?

Wednesday 11 January 2017

පාසලට පෙරහුරුවක්....
ලියන්න කියවන්න හොඳින් දුවේ
හිතන්න මනසක් පෑදෙන    කල්


Monday 2 January 2017

නව වසරකට සුභ පැතුම්...
කැරකැවෙන පෘතුවි තලයේ,කැරකැවෙන කෲර මනසවල්
තුරන් කිරීමේ වසරක් වේවා....!
ON NEW YEAR'S GREETINGS...
FALKIRK Earth plane,
FALKIRK CRUEL MIND Elimination Year...!