Monday 19 December 2016





රන් තරුවක් කැලුම්            පෙරා
ගව මඩුවක් වෙතට             ඇදී
පිදුරු ගොඩේ ලොව            දිනුවා
නව අරුතක් අපට               බෙදා


                                                                                            සැමට නත්තල් කිරි
                                                                                            කල ඉතිරේවා!
         19/12/2016
                                                                                   GMT 16.25

Saturday 17 December 2016

සිසිල රැයක
අඳුරු ලෙනෙක
සොඳුරු දිනෙක
සොඳුරු පැයක
ජේසු බිළිඳු....ඉපදුනේ....
                                   නත්තල බුක්ති විඳීමේ සැබෑ අයිතිය
                                   දුගී ජනයා හට අත් කර දෙමු''
                                   නත්තලේ සැබෑ අර්ථය එය නම් එක
                                   අඩමස්සක් වත් නොමැතිව නත්තල
                                   සිහින මවන ඒ සිත් තුල හටගත් මිනි-
                                   -සත් කම ධනවාදීනට වඩා පොහොසත්-
                                   ය.
                                   17/12/2016 GMT 11.36
                                 

Saturday 10 December 2016

       
          ආර්ථික විශේෂඥයෝ,ආර්ථික විද්‍යාඥයෝ යන
          අය ආර්ථික සැලසුම් කොට දක්වන්නේ ධනවාදී
         - න්ව පෝෂණය කිරීමටයි.
          ශ්‍රී ලංකාවෙ ඉපදෙන්න ඉන්න දරුවාගේ සිට සෑම
          අයෙක්ම සෑම තත්පරයකින්ම දාහෙන් පංගුවක්
          රුපියල් ශත 10ක් ලෝක ණය බැරට හවුල් වේ.
          (තත්පරයකින් 1/1000 සමානයි රු.ශත 10)
          මෙම අසරණ මුදල බැරවන්නේ ධනවාදීන්ගේ
          ගිණුම් යටතටය.ඒ මුදල් අපටම (අසරණයයින්)
          පොලී කර දෙනු ලැබේ.එසේය ආර්ථික දෝලනයෙ
          රටාව හැඩගැසෙනු ඇත්තේ.
       
          ධනවාදී කිසිදාක ලෝක ණය බරට අයත් නොවන
          බව මතකයට ගනිමු.

          රටක නායකයෙක් පත්කර ගැනීමේ ප්‍රධාන අරමුණ
          ධනවාදී ආර්ථිකය සොලවා පොදු ජනයා අතරත්
          සමසේ බෙදී යෑමේ ක්‍රියාවලිය හේතු කොටගෙන
          බව රහසක් නොවේ.

          නමුත් එසේ නොවී අසරණ ජනයා තවතවත් රැල්ලට
          හසුවූ  කෙසෙල් කොට මෙන් ඒ මේ අත පෙරලී යති.

          රටේ නායකයා ඇතුලු වගකිවයුතු සැම රටේ දුගී ජන
          -යාගේ දහදිය ගඳ සුවඳක් සේ දැනේ නම් උත්තර දෙ-
           න්න.
                     GMT 13.00
                     10/12/2016
                         

Wednesday 7 December 2016

Or soscial welfare...බලපෑම් මත ඉටුවන රහසිගත සුභ ප්‍රතිඵල;
1)"අතීතයට එහා බලපෑම්,මානසික පීඩනයන්ට ලක් කල අධ්‍යාපන ක්‍රමයෙන්  මුදවා මනසට සහනයක් ලැබෙන පරිදි මාසයක් තුල ඉගෙන ගත් විෂයන්ගෙන් මාස් පතා පරීක්ෂණ පැවැත්වීම(විභාග ).මේ හේතුවෙන් ළමයාට  නොදැනුවත්ම විභාග වලින් ජයගන්න හැකිකම ලැබෙන අතර ආශාවෙන් උනන්දුවෙන් ඉගෙනගන්න මැලි නොදක්වති.අධ්‍යාපනඥයෝ නමට පඩියට පමණක් සේවයෙන් මෙතෙක් කල් සිටියෝ වෙති නම් සැබෑය.අද ඒ ඉල්ලිම හොර රහසේම ඉටුවෙමින් තිබේ."
2)"දේශපාලනයට පිවිසෙන අයට අධ්‍යාපන සුදුසුකම් සහ චරිත සහතික අනිවාර්‍ය්ය කිරීම චන්ද කොමසාරිස් ගේ කාර්‍යය භාරය ඉටුකරන්නැයි ඉල්ලූ පරිදි තවම ක්‍රියාත්මක වී නොමැත.කෙසේ හෝ රටටත් ජනයාටත් සෙතක් වේ.
3)"ළමා වැඩිහිටි මහලු සැවොම එකම ස්ථානයක ප්‍රමිතියෙන් තොර රූපවාහිණී යේ ප්‍රචාරක නාට්‍ය නැරඹූ වෝ වෙති.බලපෑම් කිරීම මත අද ඒ වෙනස අධ්‍යාපන ක්‍රමයෙන් බැට කෑ ළමුන්ගේ මනසට මොහොතකට හෝ සැනසීමක් ලබාදෙන්න අප උත්සහ කළෙමු.ඒ ප්‍රතිඵලය දියත් වේ.ළමා මනසට උචිත වැඩසටහන් අතර ;විද්‍යාගාරය,මල්ගුඩි,පුංචි ඇත් පැටවා,පුංචි ඉත්තෑවා යනාදි උසස් නිර්මාණ දැනුත් ප්‍රචාරය වේ  ඉදිරියේදි ද බලාපොරොත්තු වෙමු.
            ඉතිං ඔබගෙන් නිහඬව මගහැරී යන' සිත' යමක් මිනිසාට සුභවාදීව ප්‍රායෝගික ඉලක්කයන් අරමුණු කොට ගෙන හැකි පරිදි හිතන්න/ලියන්න/කියන්න/බලපෑම් කරන්න සිත දියුණු තියුණු කර ගන්නේ නම් සමාජයට පමණක් නොව,ගමට පමණක් නොව,නගරයට පමණක් නොව,රටට පමණක් නොව,ලොවටම බව සිතන්න.

                                                        Or social welfare.

Monday 5 December 2016


සිත පාලන රිද්මය...
අමානුසික සිත් මිය යෑම බොහෝම ප්‍රමාදව
                    කෲර සිත් ජන බලයෙන් ජනයාට වාසි වේ කියා ජනයා පත් කල ඒ අමානුසික සිත් පිළිකාව ජන බලයෙන් නෙරපන්න අපහසු වූ කල 'ඒ අමානුසික සිත් පිළිකාව'කාලයා විසින් නිහඬ කලත් අතීතයෙ මානුසික සිත් කොපමණ නම් විනාශ කොට ඇත් ද ...ඒ නම් ''ජයලලිතා''
ඩිජිටල් වාදීන් ගෙන් මිනිස් සිත ගල් වෙන සහ මොළයේ ස්නායු කෙමෙන් කෙමෙන් මැරී යන කල .....